අප ගැන
පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය ප්‍රධාන මෙහෙයුම් ඒකකය වශයෙන් ස්ථාපිත කර ඇත. ඒ යටතේ මධ්‍යම පළාතට අයත් පරිපාලන දිස්ත්‍රික්ක පදනම් කරගෙන උප කාර්යාල 3ක් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාල වශයෙන් ස්ථාපිත කර ඇත. එම දිස්ත්‍රික් කාර්යාල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයෙකු යටතේ පාලනය වන අතර, ප්‍රාදේශීය පරිපාලන ව්‍යූහයන් වේ. එක් එක් දිස්ත්‍රික්කයක නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාල යටතේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාල, කෘෂිකර්ම උපදේශකවරුන්, තාක්ෂණ සහයක (කෘෂි ව්‍යාප්ති) ක්ෂේත්‍ර නිලධාරීන් වශයෙන් කටයුතු කරන අතර, පුහුණු මධ්‍යස්ථාන හා අනුබද්ධ වූ ගොවිපල් 04ක් පළාත තුළ ඇත. දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාල, ප්‍රාදේශීය පරිපාලන ඒකක ලෙස පවත්වා ගෙන යනු ලබයි.
දැක්ම
පලාත තුල තිරසර බෝග නිෂ්පාදනයකට සහය වන ගතික, නව්‍ය…
මෙහෙවර
නවීන හා තිරසර කෘෂිකාර්මික පිළිවෙත් භාවිතය තුලින් ඉහල නිෂ්පාදන ඵලදායිතාවයකින් හා ඉහල ගුණාත්මයෙන් යුතු බෝග නිෂ්පාදනයක් මගින් මධ්‍යම පළාතේ කෘෂි ව්‍යවසායකයින්ගේ ජීවන තත්වය හා වෘත්තියභාවය ඉහල නැංවිමට කටයුතු කිරිම.
ප්‍රධාන අරමුණු
- කෘෂිකාර්මික නිෂ්පාදන වල නිෂ්පාදනය හා නිෂ්පාදන ඵලදායිතාවය ඉහල නැංවීම.
- කෘෂිකාර්මික නිෂ්පාදනවල අපනයන හා වාණිජ වෙළඳපොල විභවය ඉහල නැංවීම.
- පරිසර හිතකාමි තිරසර කෘෂිකාර්මික යෙදවුම් භාවිතය දිරි ගැන්වීම.
ආයතනයේ මුලික කාර්යයන්
- නිෂ්පාදනය හා නිෂ්පාදන ඵලදායිතාවය ඉහල නැංවීම.
- තාක්ෂණය හඳුන්වාදීම තුලින් වෙළඳපොල සංවර්ධනය.
- කෘෂිපාදක කර්මාන්ත ප්‍රවර්ධනය.
- ධාරිතා සංවර්ධනය
